Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පළාත් සභා ඡන්ද විමසීම ගැන පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක්  

Add comments

පළාත් සභා ඡන්ද විමසීම ප්‍රමාදයකින් තොරව පැවැත්වීම කෙරෙහි අදාළ අංශවල අවධානය යොමුව තිබෙනවා. කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී ඒ පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

කතානායකවරයා සමග පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, සීමා නිර්ණ කොමිසන් සභාවේ සභාපති කේ තවලිංගම් යන මහත්වරුන් මෙන්ම නිලධාරීන් පිරිසක් සාකච්ඡාව සදහා සහභාගී වුණා. පළාත් සභා ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය සහාය ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ වුණා. මෙම ඡන්ද විමසීමේදී උපයෝගී කරගන්නා මැතිවරණ ක්‍රමය පිළීබද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

පළාත් සභා ඡන්ද විමසීම පිළිබද ලබන 5 වනදා පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විශේෂ විවාදයක් පැවැත්වීමටද  තීරණය කර තිබෙනවා. එම විවාදයේදී ඡන්ද ක්‍රමයේ හා සීමානිර්ණයේ ගැටලු පිළිබද විවිධ පක්ෂ දක්වන අදහස් කෙරෙහි සැළකිලිමත් වන ලෙස කතානායකවරයා සීමානිර්ණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පක්ෂ නායකවරුන්ගේ සහභාගීත්වයෙන් පළාත් සභා ඡන්ද විමසීම පිළිබද සාකච්ඡා කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණා. අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර අවශ්‍ය කටයුතු යොදන බව කතානායකවරයා මෙහිදී කියා සිටියා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG