Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇත් පවුර දෙවන ක්‍රියාන්විතයත් ඇරඹේ  

Add comments

මෙරට සමාජ ව්‍යවසායකයින්ගේ ජයබිම බවට පත්වෙමින් අයිටීඑන් ඇත්පවුර මහත් ජනප්‍රියත්වයක් දිනා ගත්තා. අයි ටී එන් ඔස්සේ විකාශය වන ඇත් පවුර දෙවන ක්‍රියාන්විතය ආරම්භ කිරීම සදහා වන ගිවිසුමට අද (28) අත්සන් තැබුණා. ණය ගන්නා ආර්ථික ක්‍රමයකින් මිදී ආයෝජන ආර්ථිකයක් රටට හඳුන්වාදීම ඇත්පවුර වැඩසටහනේ අරමුණයි.

අයිටීඑන් ඇත් පවුර දෙවන ක්‍රියාන්විතය ආරම්භ කිරීම සදහා වන ගිවිසුමට අත්සන් තැබීම වික්‍රමසිංහපුර අයිටීඑන් ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී අද (28) සිදුකෙරුණා. අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපතිනි තිලකා ජයසුන්දර මහහත්මිය, ඇත්පවුර ව්‍යවසායකයන් වෙනුවෙන් ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ට් නෙට්වර්ක් ආයතනයේ  සභාපති ඇත්පවුර සමපුරෝගාමී චන්දුල අබේවික්‍රම සහ සෝෂල් එන්ටප්‍රයිසස් නිර්මාතෘ, ඇත්පවුර සම පුරෝගාමී එරන්ද ගිනිගේ යන මහත්වරුන් දෙවන ක්‍රියාන්විතයේ ගිවිසුමට අත්සන් තැබුවා. මෙම අවස්ථාවට අයිටීඑන් ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා ද එක්ව සිටියා. ඇත්පවුර පළමු ක්‍රියාන්විතයේ දී ආයෝජකයින් දස දෙනෙකු එක්ව සිටියා. මෙවර දෙවන ක්‍රියාන්විතයේ දී ආයෝජකයින් පහළොස් දෙනෙකු එක්ව සිටිනවා. ඇත්පවුර පළමු අදියරේදී ආයෝජන අවස්ථා ලබාගන්නා ව්‍යවසායකයෙකුට ලබාදුන් රුපියල් ලක්ෂ 25 ක මුදල රුපියල් ලක්ෂ පනහක් දක්වා ඇත්පවුර දෙවන අදියරේදී ඉහළ නංවා තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG