Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොළොන්නරුව වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනපතිගේ හදිසි නිරීක්ෂණයට  

Add comments

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. ඉදිකිරීම් කඩිනම් කර එහි ප්‍රතිලාභ වකුගඩු රෝගී ජනතාව වෙනුවෙන් ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන්නා.

චීන රජයෙන් ජනාධිපතිතුමා කළ ඉල්ලීමකට අනුව මිත්‍රශීලී පරිත්‍යාගයක් ලෙසයි ජාතික වකුගඩු රෝහල පොළොන්නරුවේ ඉදිකෙරෙන්නේ. රෝහල ඉදිකෙරෙන භූමිය වෙත ගිය ජනාධිපතිතුමා එම කටයුතු සොයා බැලුවා. දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙය ඉදිකෙරෙනවා. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන දොළොස්දහසක්. ලොව නවීනතම පරීක්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම් රෝහල තුළ ස්ථාපනය කිරීමට නියමිතයි. 2020 වසරේ ජූලි මාසය වන විට ඉදිකිරීම් අවසන් කිරීම සැලසුමයි.

රෝහල ඉදිකෙරෙන භූමිය නිරීක්ෂණයෙන් අනතුරුව ජනාධිපතිතුමා පරාක්‍රම සමුද්‍රය පරිශ්‍රය වෙත පැමිණ ටික වේලාවක් එහි රැඳී සිටියා. පොළොන්නරුව පුදබිමට පැමිණි ජනතාවගෙන් තොරතුරු විමසමින් සුහද කතාබහක නිරතවීමට ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. වන්දන්කරුවන් ද සිය ගැටලු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG