Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

හෙරොයින් ග්‍රෑම් එකොළහකට අධික ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා. ඒ මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදීයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකෙරුණා. අත්අඩංගුවට ගැනුණ සැකකරු වයස අවුරුදු 37 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 300 ක් ළඟ තබාගත් සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ ගෑස්වත්ත ප්‍රදේශයේදී. වයස අවුරුදු 29 ක් වන සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අද(29) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

පෑලියගොඩ අනූවවත්ත ප්‍රදේශයේ සිදුකෙරුණු වැටලීමකදී ගංජා මිශ්‍ර මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනා. සැකකරු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අද (29) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG