Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ITN මාධ්‍ය ප්‍රදීප 12 වන අදියර දියතලාවේදී  

Add comments

අධ්‍යාපන අමාත්‍යාංශය හා ITN එක්ව සංවිධාන කරන මාධ්‍ය ප්‍රදීප සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් දියතලාව මධ්‍ය මහා විද්‍යාලයේදී මේ වනවිට සාර්ථකව පැවැත්වෙනවා.

මාධ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳව පාසල් සිසුන්ට පුළුල් දැනුමක් සහ අවබෝධයක් ලබාදීම මාධ්‍ය ප්‍රදීප වැඩසටහන් මාලාවේ අරමුණයි. දියතලාව මධ්‍ය විද්‍යාලයේදී මෙවර පැවැත් වෙන්නේ මාධ්‍ය ප්‍රදීප සම්මන්ත්‍රණ මාලාවේ 12 වන අදියරයි. ප්‍රදේශයේ පාසල් රැසක දරු දැරියන් සහ ආචාර්යවරුන් ඒ සදහා සහභාගිවී සිටිනවා. අයිටීඑන් මාධ්‍ය ජාලයේ මහජන සබදතා කළමණාකරු ප්‍රවීණ මාධ්‍යවේදී ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතා ඇතුළු අයිටීඑන් මාධ්‍ය ජාලයේ ප්‍රවීණයන් රැසක්ම මෙම අවස්ථාවට එක්ව සිටිනවා. මාධ්‍ය ක්‍ෂේත්‍රයේ න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුම ලබාදීම සඳහා වැඩසටහන් රැසක් මෙහි සංවිධාන කර තිබෙනවා. සංස්කරණය, අංගරචනය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළු මෙම ස්ථානයේදීම පැවැත්වීම ද විශේෂත්වයක්. මාධ්‍ය ක්‍ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රැකියාව පිළිබඳ මාර්ගෝපදේශනයක් ලබාදීම ද මෙහිදී සිදුකෙරෙනවා. විද්‍යාලයේ විදුහල්පති ආර් එම් තිලකරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG