Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වතුකරයේ දරුවන්ට අධිපෝෂණ ශක්තියෙන් යුත් බිස්කට්  

Add comments

වතුකරයේ දරුවන්ට අධි පෝෂණ ශක්තියෙන් යුත්බිස්කට් වර්ගයක් හදුන්වාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිතසේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර තෙඹුවන අරපොලකන්ද වතු යායේ දී අද (01)පෙරවරුවේ සිදු විය.

වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය දුරලීම උදෙසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මෙම බිස්කට්වර්ගය නිෂ්පාදනය කර ඇත. වයස අවුරුදු 02-05 අතර දරුවන්ට මෙම බ්ස්කට් වර්ගය බෙදාදීමට නියමිතය. මෙහිදී කළුතර දිස්ත්‍රික්කයේ එක් එක් වතුඅධිකාරිවරුන්ට එම වතුයායේ දරුවන්ට අවශ්‍ය බ්ස්කට් තොග සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්ලබා දුන්නේය. මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

” සතියකට 03 වරක් බැගින් මෙම අධිපෝෂ බිස්කට් ලබාදෙනවා. බිස්කට් එකක් මගින් දවසකට අවශ්‍ය සියලුම පෝෂණය ලැබෙනවා. ත්‍රිපෝෂ සමාගම විසින් ගැබිණි මාතාවන්ට දරුවන්ට සහ කිරිදෙන මව්වරුන්ට පෝෂ්‍යදායි ආහාරයක් වන ත්‍රිපෝෂ ලබාදෙනවා. ත්‍රිපෝෂ ධාරිතාවය වැඩි කර තිබෙනවා. පෝෂණ මල්ලක් ගැබිණි මාතාවන්ට ලබාදෙනවා. මෙවැනි පෝෂණ මල්ලක් පසුගිය රජය සමයේ ගැබිණි මාතාවන්ට ලැබුනේ නැහැ. අධිපෝෂ බිස්කට් වර්ගය වතුකරයේ සියලු ජනතාවට ලබා දිය යුතුයි.”

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG