Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප‍්‍රදේශ කිහිපයක අනතුරුවලින් 5 දෙනෙක් මිය යයි  

Add comments

ප්‍රදේශ කිහිපයක සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.ඇඹිලිපිටිය , කිළිනොච්චිය, තංගල්ල හා ජා ඇල යන ප්‍රදේශවල සිදුවූ අනතුරුවලිනුයි මෙලෙස පුද්ගලයන් මියගොස් ඇත්තේ. ඇඹිලිපිටිය නෝනාගම මාර්ගයේ කුට්ටිගල ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන්කළ හැටපස් හැවිරිදි කාන්තාවක් යතුරුපැදියක ගැටීමෙන් මිය ගියා.

කිළිනොච්චිය,පරන්තන් පූනරින් මාර්ගයේ දී මෝටර් රථයක් පාපැදියක ගැටීමෙන් පාපැදිකරු මිය ගොස් ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් තිස්තුන් හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

තංගල්ල,වීරකැටිය මාර්ගයේ යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ හතලිස් පස් හැවිරිදි කාන්තාවක් මිය ගියා.

ජා ඇල ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටීමෙන් යාචකයෙකු මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කළා. අදාළ යාචකයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැති බවයි පොලිසිය පැවසුවේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG