Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබනික ගොවීන්ට රුපියල් දහඅට දහසක පොහොර සහනාධාරයක්  

Add comments

කාබනික ගොවිතැනේ නියැලෙන ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර මිලදී ගැනිමට හෙක්ටයාරයකට රුපියල් දහඅට දහසක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ උපදෙස් ලබා දුන්නා. කාබනික ගොවිතැනේ නියැලෙන ගොවීන් දිරිමත් කිරීම මෙහි අරමුණයි. ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් දහඅට දහසක මුදලක් පිරිනැමෙනවා. දිවයිනේ ප්‍රථම  කෘෂිආදර්ශ ගම්මානය වශයෙන් සංවර්ධනය කෙරෙන හපුතලේ කහත්තේවෙල ගම්මානයේ ප්‍රගතිය විමසීමේ රැස්වීමකදීයි අමාත්‍යවරයා නිලධාරීන්ට අදාළ උපදෙස් ලබා දුන්නේ. දැනට ගොවීන් සදහා ලබාදෙන පොහොර සහනාධාරය වෙනුවෙන් රජය මේ වසරේදි රුපියල් මිලියන තිස් තුන් දහසක් වෙන් කර තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG