
හපුතලේ බෙරගල කදුවැටියේ ඇතිවූ ගින්නකින් මේ වන විට අක්කර විසිපහකට වැඩි භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා. බෙරගල කදු වැටියේ බටහිර බෑවුම ආශ්‍රිත ඉහළ කොටසේ පිහිටි රක්ෂිතයේයි ගින්න ඇතිවී තිබෙන්නේ. උඩරට දුම්රිය මාර්ගයේ තංගමලේ,ඉදල්ගස්හින්න දක්වා කොටස ද රක්ෂිතය ආශ්‍රිතව පිහිටි අතර දුම්රිය මාර්ගය අසළ ඉහළ කොටස ද ගින්නට හසුව ඇති බව වාර්තාවනවා. කිසියම් පිරිසක් වනාන්තරයට ගිනි තබන්නට ඇති බවටද සැක කෙරෙනවා. එවැනි පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා තිබෙනවා. බදුල්ල වන සංරක්ෂණ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ එවැන්නන් පිළිබද තොරතුරු ලබා දෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග ලබා දිමට කටයුතු කරන බවයි.
Post a Comment