
අම්පාර දිස්ත්‍රික්කයට බලපෑ දැඩි සුළගින් හානි වූ දේපල සදහා වන්දි ලබා දීම සිදු කෙරුණා.
ඒ අනුව හානි වූ නිවාස එකසිය හැත්තෑ තුනක් වෙනුවෙන් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වන්දි ලබා දීම සිදු කෙරුණා. දැඩි සුළං හේතුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ තරංගාව, තිස්සපුර, ජයවර්ධනපුර, සද්ධාතිස්සපුර සහ නවගම්පුර යන ප්‍රදේශවලට දැඩි හානි සිදු වුණා. එම ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් කඩිණමින් වන්දි ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
Post a Comment