
පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයට පැවැත්විමට පක්ෂ නායක රැස්විමේ දී අවධානය යොමු වුණා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී. අවසන් තීන්දුවක් ගැනීම සඳහා පක්ෂ නායකයන් යළි ලබන බ‍්‍රහස්පතින්දා රැස්වන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ.
“ඡන්දය අලුත් ඡන්ද ක්‍රමයකට යනවනම් සංශෝධන කරන්න ඕනෙ තවමත්. පළාත් පාලන මැතිවරණ අවස්ථාවෙදි ලැබුණු අත්දැකීම පදනම් කරගෙන තව වැඩිදියුණු කරන්න කල් යනවා. ඒ නිසා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වමු කියල අපි තීරණයකට එනවා. ඒ තීරණය මේ සාකච්ඡාවට පෙර ඒකාබද්ධ විපක්ෂයට මම ම ප්‍රසිද්ධියේ දැනුම් දීල තියෙනවා. රාහුෆ් හකීම් ඇමතිතුමාත් දැනුම් දීල තියෙනවා. එතකොට ඒගොල්ලන්ට තිබුණෙ එතැනට ඇවිල්ල පැරණි ක්‍රමයට ඡන්දය යං. අපිට ඕනෙ ඡන්දය කියලනෙ කියන්නෙ. කරන්න තිබුණා. කළේ නෑ.
දැන් ඒ ගොල්ලන් ආණ්ඩුවෙ ස්ථාවරය හෙළි කරන්න කියල දේශපාලනය කරන්න උත්සහ කරනවා. මේ දේශපාලනය නවත්තන්න කියල කියනවා. ඊට පස්සෙ ජනතාව ඉදිරිපිටට ඇවිල්ල කරුණාකරල කියන්න එපා ඡන්දය අපිට අවශ්‍යයි කියල. ඡන්දයට අපි ලෑස්තියි. ඕගොල්ලො ලෑස්ත නැති බව අද ඔප්පු වෙලා ඉවරයි. ඊලඟ සාකච්ඡාව ලබන බ්‍රහස්පතින්දා පවත්වනවා. අපි අවසන් තීරණය ගන්නවා.
අනිත් පක්ෂ පැරණි ක්‍රමයට එකඟ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. ඒකදැන් ඉදිරිපත් කළා. ජවිපෙ සහභාගි වුණේ නෑ. ඒකාබද්ධ විපක්ෂය ලියුමක් එවල ෂේප් වුණා.”
පළාත් සභා මැතිවරණ ක‍්‍රමය ගැන මැතිවරණ නිරීක්ෂණ ආයතන විශේෂ වාර්තාවක් ද සකස් කර තිබෙනවා. එය විෂය භාර අමාත්‍යවරයාට භාරදීමටත් ඔවුන් කටයුතු කළා.
Post a Comment