Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනතාව දේශපාලනඥයින් පසුපස ගොස් අනාගතය තීන්දුකළ යුගය අවසන්  

Add comments

ජනතාව දේශපාලනඥයින් පසුපස ගොස් තම අනාගතය තීන්දුකරන යුගය අවසන් කර ජනතාවටම තම අනාගතය තීන්දු කළ හැකි යුගයක් ආරම්භ කරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් ඒ සදහා සැබෑ පිටිවහලක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මාතර උයන්වත්ත ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා විශේෂ ණය කවුළුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන  පුද්ගලයින් දස දෙනෙකු වෙත ණය ආධාර පිරිනැමීම ද මෙහිදී සිදු කෙරුණා. ආර්ථිකයේ නව පරිච්ඡේදයක් විවර කළ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරීම  අරමුණයි.

මේ අතර කුරුණෑගල මාවතගම ලංකා බැංකුවේ, මහජන බැංකුවේ සහ ග්‍රාමීය සංවර්ධන බැංකුවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා විශේෂ ණය කවුළු විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණා.ඒ රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතාගේ ප්‍රධානත්වයෙන්. මහව සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මේ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වුණේ මීට සමගාමීවයි. නව කර්මාන්ත කරුවන් පිරිසක් සදහා ණය ආධාර මුදල් හා ට්‍රැක්ටර් රථ ප්‍රදානයක් ද සිදු කෙරුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG