තවත් පිළිකා ඖෂධ දහයක් ඇතුළු ඖෂධ සහ උපකරණ 25ක මිළ අඩු කිරිමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුළ ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මිළ අධික පිළිකා ඖෂධ ඊට ඇතුළත් බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ. මෙරට භාවිත වන පිළිකා ඖෂධවලින් සියයට 95ක් මිළදී ගනු ලබන්නේ රජය මඟින්. පෞද්ගලික අංශය සියයට 5ක ප්‍රමාණයක් අළෙවි කරනවා. පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරිමට පනවා තිබූ ලක්ෂ 15 සීමාව ද යහපාලන රජය බලයට පත්විමෙන් පසු ඉවත් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
Post a Comment