ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 380 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විපතට පත් වූ පුද්ගලයන් බේරා ගැනීම සදහා අමතර හෙලිකොප්ටර් යානා 38 ක් යෙදවීමටයි ඉන්දීය රජය පියවර ගෙන ඇත්තේ. මේ වන විට පුද්ගලයින් ලක්ෂ 06 ක් පමණ අවතැන් කදවුරු තුන්දහසක රදවා තබා ඇති බව සදහන්.
මෝසම් කාලගුණ තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවටයි ඉන්දීය කාලගුණ අංශ අනතුරු අගවන්නේ. කෙසේ නමුත් දිස්ත්‍රික්ක 04කට අයහපත් කාලගුණය හේතුවෙන් තවමත් රතු නිවේදන නිකුත් කර ඇති බව සදහන්.
Post a Comment