Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෙසින්ඩා ආර්ඩන් නැවතත් සේවයට වාර්තා කරයි  

Add comments

මව් පදවිය ලැබීමෙන් ,සති හයක කාලසීමාවකින් පසු නවසීලන්ත අගමැතිවරිය ජෙසින්ඩා ආර්ඩන් නැවතත් සේවයට වාර්තා  කර තිබෙනවා.

ඇය 38වන වියේ පසුවන අතර ජූනි මාසයේ දී ඇය සිය කුළුදුල් දරුවා ප්‍රසූත කළා. අගමැති ධූරයක් දරමින් සිටින කාලයක දී දරුවෙකු බිහිකළ ලොව දෙවන රාජ්‍ය නායිකාව බවට ඇය පත්වුණා. එම වාර්තාව තැබූ ලොව පළමු රාජ්‍ය නායිකාව වූයේ  පාකිස්තාන අගමැති ධුරය දැරූ බෙනාසීර් භූතෝයි.  ඒ 1990 වසරේ දී දියණියකට උපත ලබා දෙමින්. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය මාතෘ නිවාඩු ලබා සිටි කාල සීමාවේදී වැඩබලන අගමැතිවරයා ලෙස වින්ස්ටන් පීටර්ස් කටයුතු කළා. පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදීයි ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණේ. පසුගිය ජූනි විසි එක් වනදා නේව් ගේෆෝඩ් උපත ලැබුවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG