Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශිෂ්‍යත්ව අයදුම්කරුවන්ට අමුතු නීතියක්  

Add comments

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05දා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා අයදුම්කරුවන් 355,326ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට විනාඩි 45 ක කාලයක් පැවැත්වෙන අතර දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට පැයකුත් විනාඩි 15 ක කාලයක් පැවැත්වේ.

මේ හේතුවෙන් විභාග අපේක්ෂකයින් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 09.00 වන විට ශාලාවල අසුන් ගත යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

සෑම විභාග අපේක්ෂකයෙකුම සිය විභාග අංකය ඇඳුමේ වම් පස පැළඳ සිටිය යුතු අතර මව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුල්වීමට අවස්ථාව ලබා නොදෙන බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG