Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැතිවරණය මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුල  

Add comments

පළාත් සභා මැතිවරණය මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුල පවත්වන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

කළුතර දිස්ත්‍රික්  එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා එය සංවිධාන කර තිබුණා. මහජන නියෝජිතයින් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

මේ අතර දෙකදුවල භික්ෂුණී පුහුණූ විද්‍යායතනයේ නව භික්ෂුණී නේවාසිකාගාරය සහ පන්තිකාමර ගොඩනැගිල්ල අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. පූජ්‍ය ඉනාමළුවේ සුමංගල ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදියී උත්සවය  සංවිධාන කෙරුණේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG