Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු ජගත් මහ ලේකම් කොෆී අනන් ජීවිතයට සමුදෙයි  

Add comments

එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහලේකම් නොබෙල් සාම ත්‍යාගලාභි කොෆි අනන් මහතා අභාවප්‍රාප්ත වුණා. කොෆී අනන් මහතා අභාවප්‍රාප්ත වන විට අසූවන වියෙහි පසුවුණා. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ස්විට්සර්ලන්තයේ බර්න් නගරයේ රෝහලකට ඇතුළත් කර සිටියදීයි ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ. 1938 වසරේ ඝානාවේදී උපත ලැබු ඔහු දරුවන් තුන් දෙනෙකුගේ පියෙක්. කොෆි අනන් මහතා 1997 වසරේ සිට 2006 වසර දක්වා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ධුරයට දෙවරක් තේරි පත් වීමද විශේෂත්වයක්.  ඔහු  එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා ලෙස විශාල සේවාවක් ඉටු කළා. 2001 වසරේදී මානුෂිය කටයුතු සදහා නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගැනිමට කොෆි අනන් සමත් වුණා.

ජාත්‍යන්තරයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට පත් වූ පළමු අප්‍රිකා කළු ජාතිකයා ද ඔහුයි. දුප්පත්කම ලෝකයෙන් තුරන් කිරීම මෙන්ම දරුවන්ගේ සුරක්‍ෂිතතාව හා ඒඩ්ස් තුරන් කිරීම වෙනුවෙන් අනන් මහතා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා.  එමෙන්ම ලෝකයේ බොහෝ රටවලට සශ්‍රීකත්වයට පත්වීම සඳහා ඉලක්ක ලබා දෙමින් ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගත් නිලධාරියෙකු ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් උසුලනවා. එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඒ මහතා සිරියාවේ අර්බුදයට විසඳුම් සෙවීමේ සාම වැඩපිළිවෙළේ ජගත් සංවිධාන විශේෂ නියෝජිතයා ලෙස ක්‍රියා කළා.  2005 වසරේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ලෙස දිවයිනට පැමිණි ඒ මහතා සුනාමියෙන් ශ්‍රී ලංකාවට සිදු වූ ව්‍යසනය දැක බලා ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාවට නැගී සිටීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෙස සහාය දැක්වීමට ද ඔහු ක්‍රියා කළා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG