සෑම දුම්රිය හරස් මාර්ගයක්ම ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
හික්කඩුව සිට දොඩන්දූව දක්වා ඉදිකෙරුණු විදුලි සීනු පද්ධති විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අනතුරු ඉහළ යාමත් සමග දුම්රිය ආරක්ෂණ විදුලි සීනු පද්ධති 200 ක අවශ්‍යතාවක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව හදුනාගත්තා. ඒ අනුවයි 2016 වසරේදී විදුලි සීනු පද්ධති සවිකිරීමේ නව ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. මේ සදහා වැයකෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන හයයි දශම හතරක්.
Post a Comment