Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදු ප්‍රදේශවල තද සුළං  

Add comments

ඉදිරි දින වලදී ( අද රාත්‍රියේ සිට) දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල (විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල ) සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් ඌව, සබරගමුව, උතුරුමැද සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක.සබරගමුව සහ මධ්‍යමපළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැකියි.

ඉදිරි දින වලදී (අද රාත්‍රියේ සිට) දිවයින අවට මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතී.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG