එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු මහලේකම් නොබෙල් සාම ත්‍යාගලාභි කොෆි අනන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජගත් සංවිධානයේ හිටපු මහලේකම් කොෆි අනන් අභාවප්‍රාප්ත වන විට අසූවන වියෙහි පසුවුණා.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ස්විට්සර්ලන්තයේ රෝහලකට ඇතුළත් කිරිමෙන් පසු කොෆි අනන් අද (18) අභාවප්‍රාප්ත වු බවයි විදෙස් වර්තා සදහන් කරන්නේ. 1938දී ඝානාවේදී උපත ලැබු කොෆි අනන් දරුවන් තිදෙනෙකුගේ පියෙක්. ඔහු එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා ලෙස විශාල සේවාවක් ඉටු කළා.
කොෆි අනන් 1997 වසරේ සිට 2006 වසර දක්වා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ධුරයට දෙවරක් තේරි පත් වීමද විශේෂත්වයක්. 2001 වසරේදී මානුෂිය කටයුතු සදහා නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගැනිමට කොෆි අනන් සමත් වුණා.
Post a Comment