එක්සත් ජාතීන්ගේ සංගමයේ හිටපු මහ ලේකම් කොෆී අන්නන් මහතා අභාවප්‍රාප්ත වුණා. ඉතා කෙටිකාලයක් රෝගාතුරව සිටි ඔහු මියයනවිට 80 වන වියෙහි පසුවූ බවයි ඇමරිකා මාධ්‍ය වාර්තා කරන්නේ. ලොව ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රිකයා ලෙස ජගත් මහලේකම් ධුරයට ඔහු පත්වුණේ 1997 වසරේ. ඒ එම ධුරයට පත්වු පලමු කලු අප්‍රිකා ජාතිකයා ලෙසට වාර්තාවක් ද තබමින්. 2006 දක්වා ජගත් මහලේකම් ධුරය දැරූ කොෆීි අන්නන් ඉන්පසු සිරියාවේ ජගත් සංවිධාන විශේෂ නියෝජිතයා ලෙස ද කටයුතු කළ බවයි විදෙස් ප්රවෘත්ති වාර්තා පෙන්වා දෙන්නේ.
Post a Comment