Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මධ්‍යසාර පාලනයට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකාව සහය දක්වනවා.  

Add comments

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ 73 වන මහ සභාවට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබද සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වී ප්‍රකාශයක් ඉදිරිපත් කළේය.

මෙම ප්‍රකාශය සභාව වෙත ඉදිරිපත් කරන ලද්දේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාඨලි චම්පික රණවක මහතා විසිනි. මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තීන් සදහා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයන් වෙත ශ්‍රී ලංකාව සහය දක්වන බව ද එම ප්‍රකාශයෙහි වැඩිදුරටත් සදහන් ව තිබේ.

එමෙන්ම ජාතික මධ්‍යසාර හා දුම්කොළ සදහා ජාතික අධිකාරියක් පත්කිරීම, මධ්‍යසාර ප්‍රචාරක දැන්වීම් තහනම් කිරීම යනාදි වශයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට මධ්‍යසාර මර්දනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී දීර්ඝ වශයෙන් සදහන් වී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ගෝලීය මත්පැන් ප්‍රතිපත්තිය පිළිබද සම්මන්ත්‍රණය සදහා සහභාගී වන ලෙසට ජනාධිපතිතුමා විසින් සියලූ ජාත්‍යන්තර නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබුණි.

මෙහිදී සභාව ඇමතූ එස්ටෝනියාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රකාශය පිළිබද ප්‍රශංසා කළ අතර ලොවටම ආදර්ශයක් වන එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය ස්තුතිය ද පළකළාය.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG