Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය ධීවරයන් 17ක් අත්අඩංගුවට  

Add comments

මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ ඉන්දිය ධීවරයන් 17 දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා. ට්‍රෝලර් යාත‍්‍රා තුනක් ද නාවික හමුදා භාරයට ගැණුනා. උතුරු නාවික විදානයට අයත් වේග ප‍්‍රහාරක මුර නෞකාවක් මගින් ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදු ප‍්‍රදේශයේදී ධීවර යාත‍්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

අනෙක් ධීවර යාත‍්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ කච්චතිව් දූපතට ආසන්න ප‍්‍රදේශයේදී. ධීවරයන් සහ ට්‍රෝලර් යාත‍්‍රා ශ‍්‍රී ලංකා නාවික නෞකා එලාර ආයතනය වෙත රැගෙනවිත් පසුව යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත භාරදී තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG