
ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ දහයක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වරකාපොළ ප‍්‍රදේශයේදී. ව්‍යාපාරිකයාගේ බිරිද සහ දරුවන් ඝාතනය කරන බවට තර්ජනය කරමින් මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනූව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනා. ඔවුන් මිරිගම සහ කෑගල්ල ප‍්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. එම සැකකරුවන් කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කළා.
Post a Comment