තලවකැළේ ඩෙස්පෝඩ් හරහා නුවරඑළිය දක්වා වන ඒ හත මාර්ගයේ ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇණහිට තිබෙනවා. ඒ ප්රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.
නුවරඑළිය සහ නානුඔය ප්රදේශවලට ඊයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ පස් කන්ද කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ. කඩා වැටුණු පස්වලින් කොටසක් ඉහළ කොත්මලේ ජලාශයට ජලය ගලා බසින කිරිමැටි ඔයට එක්ව තිබෙනවා. නානුඔය, තංගකැලේ, ඇල්ජින්, මේ හේතුවෙන් මෙරායා සහ ඌවකැළේ ප්රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටින බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.
Post a Comment