Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 30

නායයාමට ලක්වූ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගය මගින් සදහා විවෘත කෙරේ  

Add comments

නායයාමට ලක්වූ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මේ වනවිට විවෘත කර තිබෙනවා. නාය ගිය ස්ථානයෙන් මාර්ගය දෙපස පයින් ගමන් කිරීම සදහායි ඊයේ (30) සිට විවෘත කෙරුණේ. වාහන ගමනාගමනය සදහා ඉදිරි දින කීපය තුළ අවස්ථාව ලබාදීමට නියමිතයි. කාසල්රී ජලාශයට ඉහළින් වූ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ කොටසක් කාසල්රී ජලාශයට නායගියේ පසුගිය 13 වනදායි. නිවාස 5 ක් ද සමග මාර්ගය ජලාශයට කඩාවැටීම හේතුවෙන් විකල්ප මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරුණා. ඒ අතර අදාළ මාර්ගය පිළිසකර කිරීමේ කටයුතුද සිදුකෙරුණා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG