Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාත්‍යන්තර බලවේග වල අත පෙවීම හේමකුමාර හෙළා දකියි  

Add comments

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වයට ජාත්‍යන්තර බලවේග අත පෙවීම තරයේ හෙළා දකින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ව්‍යවස්ථානුකූලව වඩාත් නිවැරදි සහ නීත්‍යානුකූලව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති බවයි ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ. කිසියම් රටක අභ්‍යන්තර දේශපාලන තත්ත්වයන් නිරාකරණය කර ගැනීම එම රටේ දේශපාලන නායකයන්ගේ සහ විද්වතුන්ගේ කාර්යයක් වනවා. එම හැකියාව ශ්‍රී ලංකාව සතු වන අතර ඊට විදෙස් රාජ්‍යයන්ගේ අත පෙවීම සහ ප්‍රකාශ නිකුත් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි හේමකුමාර නානායක්කාර මහතා පවසන්නේ. අපගේ රටේ මතුව ඇති තත්ත්වයන් විසඳා ගැනීමට පැහැදිලි හැකියාවක් ශක්තියක් මෙන්ම දැනුමක් ද අප සතුව පවතී. එබැවින් අනවශ්‍ය අත පෙවීම්වලින් වලකින ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා නිවේදනයේ සදහන්කර තිබෙන්නේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG