Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂ අවභාවිත කරමින් කූඨ නිවේදනයක්  

Add comments

අග්‍රාමාත්‍ය කාර්යාල ලිපි ශීර්ෂ අවභාවිත කරමින් කිසියම් පිරිසක් කූඨ ලෙස නිවේදනයක් නිකුත් කර ඇති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පවසනවා.

අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාල ලිපි ශීර්ෂ යටතේ එම ව්‍යාජ නිවේදනය නිකුත් කර ඇති බවටයි වැලිවිට මහතා සදහන් කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල කාර්යාලයට ඇතුළුවී කාර්යාල උපකරණ පරීක්ෂාකර තිබුණ බවත් එහිදී මහජනතාව අතර නොසන්සුන්තාවක් ඇතිවූ බවටත් එම නිවේදනයේ සදහන්ව තිබුණා. එහෙත් එම නිවේදනය අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයක් නොවන බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා අවධාරණය කරන්නේ. මෙවැනි කූඨ නිවේදන පිළිබදව විමසිලිමත් වන ලෙසද රොහාන් වැලිවිට මහතා මාධ්‍ය වෙතින් ඉල්ලීමක් කර තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG