Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොතුහැර ගැටළුව විසදිමට අගමැති මැදිහත් වෙයි  

Add comments

පොතුහැර දුම්රිය ස්ථානයේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්තාව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත්වීමෙන් අවසන් වී තිබුණා.

දුම්රිය ප්‍රමාදයක් හේතුවෙනුයි මෙම නොසන්සුන්තාව හටගෙන තිබුණේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ සාකච්ඡා කර දුම්රිය ප්‍රමාදයට සති දෙකක් ඇතුළත විසදුම් ලබා දෙන බවට සහතික වීමත් සමග කලහකාරී ලෙස හැසිරුනු පිරිස් පාලනය කර ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG