හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුළු හතර දෙනෙකුට එරෙහි නඩුව ලබන 30 වනදා සිට නොව ලබන මස 7 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට අධිකරණය අද තීරණය කළා.
ඇතැම් ලේඛන විත්ති පාර්ශ්වයට මෙතෙක් ලැබී නොතිබීම ඊට හේතුවයි. මෙම නඩුව ලබන 30 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට මහාපරිමාණයේ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට පත්කළ පළමු විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය මීට පෙර තීරණය කර තිබුණා. ලිට්රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමෙන් මෙම මුල්‍ය වංචාව සිදු කර ඇති බවටයි විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ.
මෙහි සෙසු විත්තිකරුවන් වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ, ලසන්ත බණ්ඩාර යන අයයි. විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා පොදු දේපළ පනත, මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත සහ දණ්ඩනීතී සංග්‍රහය යටතේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන ග්‍රෑන්ඩ් හයිට් රීජන්ට් හොටෙල් ව්‍යාපෘතිය සදහා 2012 වසරේ කැබිනට් අනුමැතිය මත රුපියල් බිලියන 18.5 ක් වෙන් කෙරුණා.
ඉන් රුපියල් බිලියන 4ක් නීතී විරෝධී ලෙසට හම්බන්තොට හයිට් රීජෙන්සි හොටෙල් ව්‍යාපෘතියට යොදා අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය පරික්ෂණ සිදුකළා. මෙම නඩුවට අදාළ අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විත්ති පාර්ශ්වය දැනුම් දුන්නා. එම මූලික විරෝධතා සළකා බැලීමට නඩුව ලබන 30 වනදා කැදවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.
Post a Comment