Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට‍්‍රම්ප්ගෙන් රුසියාවට හා චීනයට යළි බලපෑම්  

Add comments

රුසියාව සහ චිනය මත පීඩනය යෙදීම සදහා ඇමෙරිකාව තම න්‍යෂ්ටික අවි ගබඩා ශක්තිමත් කරන බවට ඇමෙකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවා තිබෙනවා.

රුසියාව සමග පැවති න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත් වීමත් සමග ට්‍රම්ප් ප්‍රකාශ කළේ රුසියාව 1987 වර්ෂයේදී   එම ගිවිසුම උල්ලංඝනය කර ඇති බවයි. එමෙන්ම න්‍යෂ්ටික බලය හීන වීම රුසියාවේ සහ චීනයේ තර්ජනවලට ඇමෙරිකාව ගොදුරු වීමක් බවද ඔහු ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා. න්‍යෂ්ටික අවි පිළිබද ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති රුසියාවේ දැඩි විවේචනයට ලක් වනවා.  රුසියාව අනතුරු අගවමින් කියා සිටියේ ඇමෙරිකාව අවි ආයුධ නිෂ්පාදනය දියුණු කළහොත් ඊට ප්‍රතිචාර දක්වන බවයි.   මේ අතර ඇමෙරිකා ආරක්ෂක  උපදේශක ජෝන් බෝල්ටන් රුසියාවේ සංචාරයක නිරත වනවා.  එහිදී ඔහු රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් හමුවීමට නියමිතයි. එහිදි මේ පිළිබද සාකච්ඡා කෙරෙනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG