
එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට රට ගැන හැගීමක් නොමැති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. රට ගැන නිවැරදි තීන්දුවක් ගැනීමට නුදුරේදිම ජනතාව සූදානම් විය යුතු බවයි ඒ මහතා පවසන්නේ.
පඩුවස්නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදියි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන් හා පළාත් දේශපාලන නියෝජිතයින් දැනුවත් කිරීම වෙනුවෙන් උත්සවය සංවිධාන කර තිබුණා. වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා.
Post a Comment