
චීනයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කම්හලක දැවැන්ත පිපිරීමක් සමග ගින්නක් හටගෙන තිබෙනවා.
චීනයේ ෂැන්ජියාකෝ නගරයේ පිහිටි රසායනික කම්හලකයි පිපිරීම සිදුවුණේ. ඉන් පුද්ගලයින් විසිදෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් විසිදෙදෙනෙකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි චීන වාර්තා පෙන්වා දෙන්නේ. පිපිරීම හේතුවෙන් කම්හලේ තිබූ වාහන මෙන්ම ඉන් පිටත නවතා තිබූ වාහන පනහකට අධික සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. පිපිරීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.
Post a Comment