
කේරළ ගංජා කිලෝ ග‍්‍රෑම් 13ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය සිට පුත්තලම බලා කැබ් රථයකින් ගංජා ප‍්‍රවාහනය කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි කනගරායන්කුළම් පොලිසිය ප‍්‍රකාශ කළේ.
අත්අඩංගුවට පත්වුණේ පුත්තලම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු යාපනයේ සිටින ජාවාරම්කරුවෙකුගෙන් ගංජා ලබාගෙන පැමිණෙමින් සිටි අවස්ථාවේ මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. සැකකරු වව්නියාව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.
Post a Comment