Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල ගැලීමෙන් විපතට පත්වූවන් පිළිබඳ වාර්තාව හෙට  

Add comments

උතුරේ ජල ගැලීමෙන් එක් ලක්ෂ විසි පන්දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්වූ බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. නිවාස 500කට පූර්ණ හානි සිදුව තිබෙනවා. අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 4600ක්. උපරිමය ලක්ෂ 25 දක්වා වූ නිවාස හානි වන්දි ගෙවීමට කටයුතු සූදානම් කර ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

මේ අතර ජල ගැලීම්වලින් විපතට පත්වුවන් පිළිබඳ වාර්තා හෙට ලබාගන්නා බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළා. ඉදිරි සති දෙකක් සඳහා වියළි සළාක ඔවුන්ට ලබාදීමට තිරණය කර තිබෙනවා. තක්සේරු වාර්තා ලබාගැනිමෙන් අනතුරුව හානි වූ නිවාස සඳහා වන්දි ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG