Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරේ ගංවතුරෙන් හානියට පත් කුඹුරු සදහා වන්දි  

Add comments

මුලතිව් හා කිළිනොච්චි දිස්ත්‍රික්වලට බලපෑ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් කුඹුරු සදහා වන්දි ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මුලතිව් හා කිළිනොච්චි දිස්ත්‍රික්වල වගා හානි සිදුවූ කුඹුරු පිළිබද තොරතුරු ලබා ගන්නා ලෙස සහ ගොවීන්ට රක්ෂණ වන්දි ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය පී හැරිසන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ගොවි ජන රක්ෂණය මගින් වගා හානියකදී වන්දි මුදල් ලබා දෙන ක්‍රම වේදය අනුව ගං වතුරක දී වී වගාවට හානියක් සිදුව ඇත්නම් අක්කරයකට රුපියල් හතලිස් දහස බැගින් හෙක්ටයාර එකකට රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ලබාදීම සිදුවනවා. මේ අතර මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල වගාහානි වලට මුහුණ පෑ ගොවීන්ට බිත්තර වී මිලදී ගැනීම සදහා 50%ක සහනාධාරයක් සහ පොහොර සහනාධාරයක් ද ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG