Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොහු කර්මාන්ත ශාලාවක ගින්නකින් 10 කට තුවාල  

Add comments

කුලියාපිටිය පරගහගෙදර ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් එහි සේවකයින් 10 දෙනෙකු තුවාල ලැබුවා.

කොහු ප්‍රවාහනයට භාවිත කරන ලොරි රථ 2 ක් ද ගින්නෙන් විනාශ වී තිබෙනවා. ගුවන් හමුදාවේ සහාය ඇතිව, මීගමුව හා හලාවත නගර සභා ගිනි නිවීම් ඒකකවල නිලධාරීන් හා කර්මාන්ත ශාලාවේ සේවකයින් එක්ව දැඩි පරිශ්‍රමයකින් පසුව ගින්න නිවා දැමීමට කටයුතු කෙරුණා. කුලියාපිටිය නගර සභාවේ හා ප්‍රාදේශීය සභාවේ ජල බවුසර් ද මේ සඳහා යොදා ගැනුණා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. කුලියාපිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG