
මේ වසර සදහා වන අයවැය පිළිබද ඡන්ද විමසීම අප්‍රේල් 5 වනදා සිදුකිරීමට නියමිතයි.
මෙවර අයවැය පාර්ලිලමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ මාර්තු 5 වනදායි. අයවැය දෙවනවර කියවීමේ විවාදය මාර්තු 6 වනදා සිට 12 වනදා දක්වා සිදුකෙරෙනවා. කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මාර්තු 13 වනදා සිට අප්‍රේල් 5 වනදා දක්වායි. ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් 5 වනදා සිදුකිරීමට නියමිතයි.
මෙවර අයවැය මගින් ජනතාවට සහන රැසක් සැලෙසන බව මැතිඇමතිවරුන් පවසනවා. සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයක් ඉදිරිපත් කරන බවයි ඔවුන් මාධ්‍ය හමුවේ සදහන් කළේ.
Post a Comment