
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු හත් දෙනෙකුට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනුණා.
මහජනයාට හිරිහැර වන පරිදි සහ රථවාහන ධාවනයට බාධා ඇතිවන පරිදි කොළඹ බෞද්ධාලෝක මාවතේ දී උද්ඝෝෂණයක් සංවිධාන කළ බව කියන චෝදනාවක් සම්බන්ධයෙනුයි විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙන්නේ. 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයාගේ පැමිණීමට එරෙහිව විත්තිකරුවන් මෙම උද්ඝෝෂණය සංවිධාන කළ බවට අදාළ කරුණු පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. නඩු භාණ්ඩ ලෙසට නම් කර ඇති වීඩියෝ දර්ශන ද කුරුදුවත්ත පොලිසිය අධිකරණයට භාර කළා. නඩුව මැයි මස 13 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.
Post a Comment