Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයදුම්පත් කැදවීම අදින් අවසන්; අලුගෝසු තනතුර ඇමෙරිකාවට ?  

Add comments

එල්ලූම්ගස කි‍්‍රයාත්මක කිරීම සඳහා අලුගෝසු තනතුරට අයදුම්පත් කැදවීම අදින් (පෙබරවාරි 25) අවසන් වනවා.  අද දිනද අයදුම්පත් ලැබෙන බැවින් ඉල්ලුම් කළ අයදුම්කරුවන් සංඛ්‍යාව පසුව දැනුම් දෙන බව බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කරනවා.

මේ අතර අලුගෝසු තනතුර සඳහා ඇමෙරිකා ජාතික තරුණයෙකු විද්‍යුත් තැපෑල ඔස්සේ අයදුම් කර ඇති බවට පුවත් සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල පළවී තිබුණා.

එහෙත් අලුගෝසු තනතුරට අයදුම් කරන අයදුම්කරුවන්ගේ අනන්‍යතාවය පිළිබඳ කිසිදු තොරතුරක් බන්ධනාගාර අමාත්‍යංශය හෝ බන්ධනාගාර දෙපාර්තමේතුව මාධ්‍ය වෙත ලබා නොදෙන බවයි බන්ධනාගාර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නලීන් රාජපක්ෂ ITN ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කර සිටියේ.

කෙසේවුවද, අලුගෝසු තනතුර සඳහා සුදුසුකමක් ලෙස ශ්‍රී ලාංකිකයෙකු වීම හෝ විදේශිකයින්ට අයදුම් කළ නොහැකි බව එහි සඳහන් වී නැතිබව බන්ධනාගාර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

අලුගෝසු තනතුර සඳහා සුදුසුකම් ලෙස මනා සිහිබුද්ධිය, මනා සෞඛ්‍යයෙන් යුතු වීම, වයස අවුරුදු  18 ත් 45 ත් අතර වීම සහ උස අඩි 6  සහ අඟල්  2  විය යුතු බව බන්ධනාගාර අමාත්‍යංශය සඳහන් කර තිබුණා.

දැනට ලැබී ඇති වාර්තා අනුව ඉදිරි මාස දෙක තුළදී මත් ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ පසුගිය 06වනදායි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG