Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් 9064ක් එකවර සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානම්  

Add comments

දිවයින පුරා පාසල් නව දහස් හැට හතරක් එකවර සංවර්ධනය කිරිමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. ව්‍යාපෘතිය අවසන් වන්නේ 2020 වසරේදී. ඊට ජාතික පාසල් 282ක් ඇතුළත්.

පළාත් පාසල් අට දහස් හත්සිය අසූ දෙකක් සංවර්ධනය කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ගුරු විද්‍යාල හා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ද සිදුකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන හැට හතර දහස් නවසිය පනහක්.

ව්‍යාපෘති දහසය දහස් එකසිය අසූ පහක් ක‍්‍රියාත්මක කරන බවත් අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නා.

මේ අතර වසරේ පළමු පාසල් වාරය අද සිට ආරම්භ වනවා. පළමු වසර සිසුන් සඳහා අධ්‍යන කටයුතු ආරම්භ වන්නේ ලබන 17 වනදා.

පාසල් ළමුන් ප‍්‍රවාහන ගාස්තු සියයට තුනකින් අඩු කිරිම ද අද සිට ක‍්‍රියාත්මක බවයි ප‍්‍රවාහන සංගම් නියෝජිතයන් සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG