
පාර්ලිමේන්තුවේදී සම්මත වූ පරික්ෂණ කොමිසන් සභා සංශෝදන පනතට කතානායක කරූ ජයසූරිය මහතා අත්සන් තැබුවා. මෙම පනත හරහා පරික්ෂණ කොමිසන් සභා වාර්තා සාක්ෂි ලෙස භාවිත කිරිමට ඉඩ කඩ සැලසෙනවා.
පර්යේෂණ කොමිසන් සභා සංශෝදන පනත් කෙටුසම්පත පාර්ලිමේන්තුවේදි පසුගිය විසි දෙවනදා සම්මත වුනා. කතානායකවරයා ඊයේ (01) පස්වරුවේ මෙම පනතට අත්සන් තැබුවා. ඒ අනුව පනත බලාත්මක වනවා. කොමිසන් සභාවල සිදු කරන පරික්ෂණ වලදී ඉදිරිපත් කෙරෙන සාක්ෂි සටහන් අල්ලස් හෝ දුෂණ කොමිසන් සභා මගින් සිදු කෙරෙන පරික්ෂණ වලදී ප්‍රයෝජනයට ගැනිමට මෙමගින් ඉඩකඩ සැලසෙනවා. කොමිසන් සභා වලින් සිදු කෙරෙන පරික්ෂණ වලදී විමර්ශනය කෙරෙන කරුණු ලබා ගන්නා ප්‍රකාශ ආදිය අල්ලස් කොමිසම මගින් සිදු කරන පරික්ෂණ වලදී යලි ප්‍රකාශ ලබා නොගෙන නඩු කටයුතු වලදි ඒවා ප්‍රයෝජනට ගනිමින් පරික්ෂණ කඩිනම් කිරිමට මෙම පනතින් වැඩිදුරටත් ඉඩකඩ සැලසෙනවා.
Post a Comment