
වෙනිසුවේලා ජනාධිපති නිකලොස් මධුරෝ ජාත්‍යන්තර මානුෂීය ආධාර වෙනිසුවේලාවට ලබාදීම නතර කිරීම හේතුවෙන් එරට විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබෙනවා. කොළොම්බියා හා බ්‍රසීල දේශසීමා වසා දැමීම මගින් වෙනිසුවේලාවට ලැබෙන ආධාර වැළැක්වීමටයි ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ. මේ හේතුවෙන් ජනතාව දැඩි විරෝධතාවන්හි නිරතවනවා. විරෝධතා ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙන අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පවතින තත්ත්වය සමථයකට පත් කර වෙනිසුවේලාව ස්වාධීන කර දෙන ලෙසයි විපක්ෂනායකවරයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවැත්වෙන දෙවන සමුළුවට සහභාගී වීම සදහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයේ හැනෝයි නුවර බලා පිටත්වුණා. චීනයේ සිට අධි ආරක්ෂිත විශේෂ දුම්රියකිනුයි ඔහු වියට්නාමය බලා ගමන් කළේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර දෙවන සමුළුව එළඹෙන බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවලදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාවේ ඇසැම් ප්‍රාන්තයේ නීති විරෝධි මත්පැන් පානය කිරිමෙන් මිය ගිය පිරිස අනුහතර දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝහල් ගත කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙසියක්. ඉන් කිහිප දෙනෙකු තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මිය ගිය අයගෙන් කිහිප දෙනෙකු කාන්තාවන්. ප්‍රදේශයේ තේ දළු නෙලන කම්කරුවන් පිරිසක් මෙලෙස මත්පැන් විෂවීමෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙලොස්දෙනෙකු අත්අඩංගුවට ගැනිමට ඉන්දිය පොලිසිය සමත් වුණා..
Post a Comment