
බෑන්ඩ් ද බෑන්ඩ් ග්‍රෑන්ඩ් ෆිනාලේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේ දී අද පැවැත්වෙනවා. රාත්‍රී හතේ සිට සජීවීව මෙරට පාසල් දරුවන්ගේ දක්ෂතා ඔබට දැකගත හැකියි.
කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමග එක්වයි බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටිය මෙරටට හඳුන්වා දුන්නේ. ලෝකයේ ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියැලිටිය ලෙසට ද මෙය ඉතිහාසයට එක්ව අවසන්. කණ්ඩායම් සියයකට අධික සංඛ්‍යාවක් රියැලිටියට එක්ව සිටි අතර පාසල් පහක් ග්‍රෑන්ඩ් ෆිනාලේ සඳහා තේරී පත්වුණා. ගම්පහ සිරිකුරුස මහා විද්‍යාලය, කොළඹ දේවිබාලිකා විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල යන විද්‍යාලවල දරුවන් අවසන් මහා තරගයට මනා සූදානමකින් පසුවනවා.
Post a Comment