
මත්ස්‍ය ආනයනය සීමා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා ප‍්‍රකාශ කළා.
මෙමගින් දේශීය ධීවරයා සහ ධීවර කර්මාන්තය සුරක්ෂිත කිරීමයි සැලසුම. සැප්තැම්බර් සිට දෙසැම්බර් කාලය දක්වා මෙරට මත්ස්‍ය අස්වැන්න ඉහළ මට්ටමක පවතිනවා. එම කාලසීමාවේදී මත්ස්‍ය ආනයනය සීමා කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.
පසුගිය වසරේ මෙරටට ආනයනය කර ඇති මත්ස්‍ය ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් අසූ හතර දහස් හාරසිය හැට තුනක්. ඊට රුපියල් මිලියන තිස් දෙදහස් හත්සිය විසි හයක් වැයකර තිබෙනවා. මෙම තත්වය කඩිනමින් වළක්වා ගනිමින් මත්ස්‍ය අවශ්‍යතාව සපුරාලීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කරන බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.
Post a Comment