
චරිත සහතික නිකුත් කිරිමේ බලය ග‍්‍රාම නිලධාරිවරයාට ලබාදෙන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සි අලවතුවල මහතා ප‍්‍රකාශ කළා. චරිත සහතික නිකුත් කළ යුතු අවසාන නිලධාරියා ලෙස ග‍්‍රාම නිලධාරිවරයා පත් කිරිමයි මෙහි අරමුණ.
ජනතාව ඇතැම් අවස්ථාවල මුහුණපාන දුෂ්කරතා සලකා බලමින් තීරණයට එළඹි බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසිමට ඉදිරියේදි තවත් වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ජේ සි අලවතුවල මහතා සදහන් කළා.
Post a Comment