
තණමල්විල වෙඩි තැබීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කි‍්‍රයාත්මක බව පොලිසිය ප‍්‍රකාශ කළා. වෙඩි තැබීමට හේතුවී ඇත්තේ දෙපාර්ශවයක් අතර පවතින ගැටුමක්.
ඉන් ඝාතනයට ලක්වූ පුද්ගලයා වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාගේ ඥාතියෙකු මාස කිහිපයකට පෙර ඝාතනය කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් හතර දෙනෙකු ඊයේ දහවල් තණමල්විල නගරයේදි වෙඩි තැබීම සිදුකළා. මියගියේ ගාමිණිපුර ප‍්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්. තවත් පුද්ගලයෙකු ඉන් තුවාල ලැබුවා. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවයි පොලිසිය සදහන් කළේ.
Post a Comment