
ක්‍රිකට් ක්‍රීඩාව තුළින් දේශපාලනය ඉවත් කළ යුතු බව අග්‍රාමාචත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කණ්ඩායම් හැගීමෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණ අත්කර ගත්තා සේම සියලු දෙනා එක්ව රට දිනවීමට ක්‍රියා කළ යුතු බවයි මහියංගනයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මහියංගනය දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 780 ක්. කම්කරු හා වෘත්තී සබදතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ මැදිහත් වීමෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
Post a Comment