
ගස් කැපීම සදහා භාවිත කරන යන්ත‍්‍ර සූත‍්‍ර හිමි සියලු දෙනා ලබන මස පළමුවනදා සිට ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ පිළිබද දැනුම් දිය යුතු බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළා.
ඒ සදහා ලබන 15 වනදා සිට මාර්තු පළවැනිදා දක්වා කාලය ලබාදී තිබෙනවා. ලැබෙන තොරතුරු අනුව පොලිස් ස්ථාන මගින් තම ප‍්‍රදේශයේ පවතින එම යන්ත‍්‍ර සූත‍්‍ර පිළිබද වාර්තාවක් සකස් කළ යුතුය. එම යන්ත‍්‍ර සූත‍්‍ර භාවිත කරන සියලු දෙනාට බලපත‍්‍රයක් ලබාදිම එහි අරමුණකි. ඒ අනුව බලපත‍්‍ර නොමැතිව ගස් කැපිම සදහා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිත කිරිම තහනම් බවයි බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ග‍්‍රාම ශක්ති ජාතික වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.
Post a Comment